Saturday, March 01, 2008

බහුජන ව්‍යාපාර ගිලගැනිමේ ප්‍රයත්නයක්..............

ජාතික ධීවර සහ‍යෝගිතා ව්‍යාපාරයේ නායකත්වයෙන් නොවැම්බර් 28 වනදා මීගමුවේදි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය වුනා. මේ සදහා විවිධ දිස්ත්‍රික් නියෝජනය කරමින් 5000 කට ආසන්න පිරිසක් පැමිණ තිබුණා.
මේ අතර උන්නා නුවරඑළියෙන් ආපු වතුකරයේ වෘත්තිය සමිතියක නි‍යෝාජිතයින් පිරිසක් එහි නායකයා ප්‍රැන්සිස් කියල සහෝදරයෙක්.
මේ උද්ඝෝෂණ රැලියේ ඔහුත් කථිකයෙක්.
වැඩේ හොදට ගියා.
සාධු ජනරාවේ ජයතිලකෙග් සිංදු වැඩේට ජනතාවගෙන් තිබුනේ ඉහලම ප්‍රතිචාරයක්. වි‍ෙද්ශිය ජනතා ක්‍රියඓයොත් හරි හරියට ඒ ගිත විදින්න හවුල් වුණා.
මේ වැ‍ෙඩන් දවස් කීපයකට පස්සේ නුවරඒළියේ වතුකම්කරුවන්ගේ මානව හිමිකම් දින සැමරුම් වැඩසටහනක් නුවරඒළි‍ෙය්දි සංවිධානය වෙලා තිබුනා.
ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ආරාධනාවක් උඩ අපිත් මේ ගමනට සම්බන්ධ වෙන්න තිරණය කළා.
ඒ විතරක් නෙම් සාධුජනරාව කණ්ඩායමටත් ආරාධනා කළේ ප්‍රැන්සිස්ගේ වැ‍ෙඩ්ට සම්බන්ධ වෙලා ඔවුන්ට අපේ සහෝදරත්වය පළකරමු කියල අපි හැ‍මෝටම තිබුන අදහස් උඩ.
අනික මේ උද්ඝෝෂණයේ තේමාව ගැනත් අලට තිබුණෙ ලොකු එකගතාවයක්.
වතුකරයේ ජනයාගේ භාෂා අයිතිය.
ඔන්න ඉතින් අපි නුවරඒළි ගියා.
නුවරඑළියට කිට්ටුවෙන කොට අපි දැක්ක මේ උද්ඝෝෂනය ගැන පොස්ටර් ගහල තිබුණා.

හැබැයි යටින් තිබුනේ මේක ප්‍රයන්ත කට්ටියෙගේ වැඩක කියලයි
අපි බැලුවා ඒකපාරටම නුවරඑළියේ කම්කරැවන්ගේ වැඩේ ‍ෙකාහොමද ප්‍රයන්ත ගිණුමට වැටෙන්නේ කියල..

අපි ඒතනට යනෙකාටත් අනුරාධපු‍ෙර් ඉදන් ජයේලා ඇවිත් සවුන්ඩ් එහෙම ෂෙට් කරගෙන උන්නේ.

හැබැයි ජයේගේ මූණ හරි නෑ.
මේක වෙන වැඩක්නේ . ජයේ කිව්වා.
අපි කිව්වා අපිත් දැක්කේ මගදි පෝස්ටර් වලින් කියල
දැන් ‍ෙමාකද කරන්නේ.
ප්‍රැන්සිස් අපිට ඒන්න කියල ආරාධනා කළාට සිංදු වැඩේ ගැන මොකද්දෝ අවුලක උන්නා වගේ
මූණ දුන්නෙත් අඩුවෙන් .

දැන් සෙනග බලන් ඉන්නව සිංදු කියයි කියල නමුත් ප්‍රැන්සිස් එකසිය ගානට ප්‍රයත්ත උඩදානවා.
මයික් එක අතට ගන්න සැරයක් පාසා උඩ ඇරියේ ප්‍රයත්න වැඩේ.

නුවරඑළියේ කාලගුණේ වැහිබර ගතියක් තිබුණා.
ලොකු වැස්සක් කැන්දන ඒන් සුදානමකුත් දැනෙමින් තිබුණා.
සෙනග බලන් ඉන්න හින්දම අන්තිමට සිංදු දෙකකක් කිව්වා
ඒත් සංවිධායකයන්ගේ මුනවල් හරිනැ වගේ.
පස්සේ වැස්ස අස්සේ අපි සවුන්ඩ් ගැලෙව්වා.. වතුකරයේ තරුණයෝ ඇවිත් අපරාධෙ ඇයි සිංදු කියන් නැද්ද කියලත් ඇහැව්වා.
නමුත් අපි වැඩේ නැවැත්තුවා.
හැබැයි අපි ප්‍රැන්සිස්ට අපේ කණගාටුව වගේම විරෝධයත් පළ කරන්න අමතක කළේ නෑ.

ප්‍රැන්සිස්ලාගේ වෘත්තිය සමිතියේ සමාජිකයෝ 12000 ක් විතර ඉන්නවලු. ස්වාධින වෘත්තිය සමිතියක්
කොළඹින් ගිහින් සල්ලි විසිකරපු ප්‍රයත්නයක් උඩ ප්‍රැන්සිස් ලොකු ගානකට විකිණුනා.
පව්.
ගාන ගැන විවිධ කථා යනවා ඒතන පිට්ටනියේම දැන ගන්න ලැබුනේ . ලක්ෂ 29 ක් කියලයි.

අහෝ මෙවන් කාළකණ්නි ප්‍රයත්න ?

No comments: