Saturday, March 01, 2008

ජාතික මාධ්‍ය ව්‍යාපාරවලට අමතක වෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණය

ප්‍රාදේශීය මාධ්‍ය කලාව කියපුවම අද මේ රටේ හැම තැනකම වගේ තියෙන්නේ ලොකු අර්බුදයක්. හේතුව තමයි මේ බොහොමයක් මාධ්‍යවේදින්ගේ අද ප්‍රධාන වැඩේ තමයි ඩීල් මාධ්‍ය කලාව එක්කෝ ප්‍රවෘත්ති දාන්න සල්ලි ගන්නව නැත්නම් නොදා ඉන්න සල්ලි ගන්නවා.
මේ සේරටම අමතරව කෙරෙන දෙයක් තමයි ප්‍රාදේශිය මාධ්‍ය වාර්ථාකරණය කියල කියන්නේ. මේ ක ඇත්තටම අද වෙන කොට ප්‍රසිද්ධ රහසක්.
නමුත් ඔය අතරේ යම් හොද ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදියෝ අතලොස්සකුත් ඉන්නවා. ඇත්තටම ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් හරි වෙන අයගෙන් හරි ප්‍රශ්න එනකොට ජාතික මාධ්‍ය සංවිධානවල සමහර අයට මේ ප්‍රාදේශීය අයව ත් එයාලගේ ප්‍රශ්ණත් අමතක වෙනව.
අපට මේ ගැන මතුකරන්න ඕන තරම් උදාහරණ තියෙනවා.
ඉතින් අපට නම් දැන් හිතෙන්නේ ප්‍රතිපත්ති ගරුක ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ඇත්ත සංවිධානයක අවශ්‍යතාවක් තියෙනවා කියලයි.

No comments: